Sunday, October 6, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් මළල ක්‍රීඩා උළෙල පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ




අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කරමින් විශිෂ්ඨ සේවාවක් ඉටු කරනු ලබන පොලිස් නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ඉහළ නැන්වීම අරමුණු කර ගනිමින් දිවයින පුරා වාර්ෂිකව මළල ක්‍රීඩා තරඟාවලියක් පළාත් මට්ටමින් පවත්වනු ලබනවා 

ඒ අනුව බස්නාහිර පළාත් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස එලිමහන් ක්‍රීඩාංගනයේදී අද දින උදෑසන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනා.

එහිදී බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 510 දෙනෙකු සහභාගි වූ අතර අද දින ජවන හා පිටිය තරඟ ඉසව් රැසක් පවත්වා තිබුනා 

මෙම උත්සව අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගි විය.