Sunday, October 6, 2024

General line - 0115112241

බෙරිල් සුළි කුනාටුව මෙක්සිකෝවට ඇතුල්වෙයි




දින කිහිපයක සිට කැරිබියන් දුපත් හරහා හමා ගිය බෙරිල් සුළි කුනාටුව මේ වන විට මෙක්සිකෝ බොක්ක වෙත ඇතුළු වී තිබෙනවා.

මේ වන විට නිවර්තන කලාපීය කුණාටුවක් බවට පත්ව ඇති බෙරිල් සුළි කුනාටුව එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය දෙසට ගමන් කරන විට ශක්තිමත් වනු ඇති බවයි එරට රජය පැවසුවේ.

සුළි කුනාටුව හේතුවෙන් ඇති වූ  අධික සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුව කලාපය පුරා හමා යන මෙම කුණාටුව 5 වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතිනවා.