Sunday, October 6, 2024

General line - 0115112241

ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම පැරද වූ සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 13ක විශිෂ්ට ජයක්




සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු ජය හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම ලකුණු 13කින් පරාජයට පත් කරමින්.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු තරගාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩකයන් විවේක ගන්වා ශුඛ්මාන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ආදුනික කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා එක්කර තිබෙනවා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසනායේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09ක් පමණක් දැවී ලකුණු 115ක් රැස්කළා.

ලකුණු 116ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 102ක් පමණයි.

ඉන්දීය කණ්ඩායමේ නායක ශුඛ්මාන් ගිල්ගේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 31ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු විස්සි විස්ස තරගයේ පෙරලිකාර ලකුණු 13ක ජයක් ලබා ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.