Saturday, October 5, 2024

General line - 0115112241

රනිල් ජනපතිවරණයට ඉදිරිපත් වන බව එජාපය කියයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සංවිධාන කළ එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැළිය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ල්මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ රට ගොඩනැඟීම සඳහා සියලු දෙනා එක් විය යුතු බවයි. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.