Sunday, September 8, 2024

General line - 0115112241

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු මරුට




අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද උදැසන සිදු වූ වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා 

එලෙස මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර  පුද්ගලයෙක්.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා වෙඩි තැබීම සිදුවූ ස්ථානයේදී ජිවිතක්ෂයට පත්ව තිබුනා.

වෙඩිතැබීමෙන් තවත්  සිවු දෙනෙකු  තුවාල ලබා ඇති අතර ගායන ශිල්පිනි කේ. සුජීවා ද ඒ ආතර සිටින බවයි පොලීසිය පවසන්නේ.

හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ  කේ. සුජීවා සහ තවත් පුද්ගලයෙකු පසුව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.