Sunday, September 8, 2024

General line - 0115112241

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

උදය කුමාර




ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට නොබෝ වේලාවකට පෙර තීන්දු කළා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

රුපියල් ලක්ෂයක නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවත් පෙත්සම්කරුට මෙහිදී නියම කෙරුණා.

ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.