රාජ්ය සේවකයන් රුපියල් 25,000 දක්වා දීමනාවක් වැඩි කරන ලෙසට ඉල්ලීම් කළද මෙම වසරේදී වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ රාජ්ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන්නේ නම් වැට් බද්ද ඉහළ නැංවීමට සිදුවන බවයි.
ඒ අනුව දැනට පනවා තිබෙන සියයට 18ක් වන වැට් බද්ද සියයට 20ත් සියයට 21ත් අතර අගයකට ඉහළ දැමීමට සිදුවනවා.
එහෙත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් ඉටු කිරීමට රජයට හැකියාවක් නොමැති බව ද මහා භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවා.
ඒ, රාජ්ය සේවයේ වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
ඊට ප්රතිචාර දක්වමින් රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ වැට් බද්ද ඉහළ දැමීමකින් තොරව රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට ආණ්ඩුවට හැකියාවක් ඇති බවයි.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි.