Sunday, September 8, 2024

General line - 0115112241

බයිඩ්න්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇනහිටී




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා. ඒ, ඔහුට කොවිඩ් වැළඳීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු කොපමණ කාලයක් නවතා ඇතිද යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි.

ජෝ බයිඩ්න් මේ වන විට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර ඔහු එහි සිට සිය රාජකාරි කටයුතු සිදු කරන බවයි ධවල මන්දිරය පැවසුවේ.

ජනාධිපතිවරයා ඊයේ අමෙරිකාවේ ලාස් වේගාස්හිදී ආධාරකරුවන් හමුවූ නමුත් රාත්‍රියේ පැවැත්වීමට තිබූ ප්‍රචාරක වැඩසටහන් අවලංගු කර ඇති බව සඳහන්.

කොවිඩ් පරීක්ෂණයෙන් පසුව ජනාධිපතිවරයාට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ජනාධිපතිවරයා කැස්ස සහ ස්වසන අපහසුතාවකින් පසුවන බවද බයිඩ්න්ගේ වෛද්‍යවරයා වන කෙවින් කෝනර් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.