Tuesday, September 17, 2024

General line - 0115112241

ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයක




ප්‍රංශයේ නව අගමැති ලෙස මිචෙල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයන් පවත්වා තිබෙනවා.

ඒ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින්.

ඔහු දක්ෂිනාංශික දේශපාලනඥයෙකු වීම ජනතාවගේ කලකිරීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මැක්‍රොන්ගේ කුමන්ත්‍රණය නවත්වන ලෙසට ඉල්ලමින් මේ වනවිට ප්‍රංශයේ වීදි පුරා ජනතාව විරෝධතා පවත්වන අතර විරෝධතා 130ක් පමණ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ පැරිසියේ පුද්ගලයන් 26,000 ක් ඇතුළුව එක් ලක්ෂ 10,000ක ජනතාව රට පුරා වීදි බැස ඇති බවයි.

ඒ අනුව එරට අගනුවර සහ නැන්ටෙස්, නයිස්, මාර්සෙයිල් සහ ස්ට්‍රාස්බර්ග් යන නගරවල ද විරෝධතා පවත්වා තිබෙනවා.

පසුගිය දිනක ප්‍රංශයේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා තිබෙනවා.

එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාමාංශික නව ජනතා පෙරමුණ සන්ධානය වැඩිම ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.  

ඒ අනුව පාර්ලිමේන්තු ආසන 289න් බහුතර බලයක් ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට අවස්ථාව නොලැබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එම ජන්ද ප්‍රතිඵල මත මිචෙල් බාර්නියර් අගමැති ලෙස තෝරා ගැනීමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.