Tuesday, September 17, 2024

General line - 0115112241

රනිල් සහ තමිල් අරසු කච්චි නායකයා අතර හමුවක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ යාපනය තෙලිප්පලෙයිහි සේනාධිරාජා මහතාගේ නිවසේදීයි.

යාපනයේ පැවැත්වෙන ජනපතිවරණ ජනරැලි ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම හමුව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මාවෙයි සේනාධිරාජා මහතා විසින් තම නිවසට පැමිණි ජනාධිපතිවරයාව හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගෙන තිබෙනවා.

ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කෙසේවෙතත් මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා ඔහුගේ නිවසට ගොස් මෙම සාකච්ඡාව සිදුකර තිබෙන්නේ.