Tuesday, September 17, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2,644ක් දක්වා ඉහළට




ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2,644ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් පැමිණිලි 1,668ක්ම ලැබී ඇත්තේ දිස්ත්‍රික් පැමිණිලි මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

තවත් පැමිණිලි 976ක් ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 06 වන දින දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව අතර ප්‍රචණ්ඩ ක්‍රියා 11ක් ද ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

කෙසේවෙතත් ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව වන 2,644න්, 1,961ක්      

මේ වනවිටත් විසඳා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් පැමිණිලි මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබුණු පැමිණිලි 1,511ක් සහ ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි 450ක් විසඳා තිබෙනවා.

ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව වන 2,644න් විසඳීමට ඇත්තේ තවත් පැමිණිලි 683ක්.

එම පැමිණිලිවලට අදාළව මේ වනවිටත් ක්‍රියා කරමින් සිටින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් පැවසුවේ.