Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව ජනපති කියයි 




ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී විවිධ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල උසස් තාක්ෂණ හා කළමනාකරණ විද්‍යාල බවට පත් කර තාක්ෂණික හා වෘත්තීය විෂයයන් ආශ්‍රිත උපාධිය හඳුන්වා දීමට හැකි මට්ටමට ගෙන ආ යුතු බවත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ ) නැවත සොයා බලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු සුදුසුකම් මට්ටමට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාව සමඟ ඒකාබද්ධ විදුලි සම්බන්ධතා පද්ධතියක් සහ ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලිය ගහ මන්දිරයේදී ඊයේ    (18) පැවති  2024 ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව ( Sri Lanka Human Capital Summit) අමතමිනි.