Tuesday, September 17, 2024

General line - 0115112241

පාදුක්කේ නිවසක තිබූ ජීප් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගිනි ගනී




පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ නිවසක ගරාජයේ නවතා තිබූ ජීප් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගින්නකට හසුව විනාශ වී තිබෙනවා.

වාහනවල හිමිකරු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ.

කිසිවෙකු විසින් එම වාහනවලට ගිනි තැබුවා ද නැතහොත් එක් වාහනයක හටගත් ගින්නක් අනෙක් වාහනයට ද පැතිරුණේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.