Friday, October 18, 2024

General line - 0115112241

අනුරගෙන් ජපානයේදී ජනාධිපතිවරණය ගැන විශේෂ අනාවරණයක්




විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සමාජයේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරණය කිසිදු ආකාරයකින් කල් දැමීමට හැකියාවක් නොමැති බවයි ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක පැවසුවේ.


ජාතික ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් කුමන මැතිවරණයක් පැවැත් වුවද පහසුවෙන් ජය ගැනීමට ජාතික ජන බලවේගයට හැකි බවයි අනුර කුමාර දිසානායක ජපානයේ පැවති ජන හමුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ.