Friday, October 18, 2024

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිවරුන් 163කගේ ස්ථාන මාරුවීම් නවතී




පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.

රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට එලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් 210 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා තිබුණා.

කෙසේවෙතත් එම පිරිස අතරින් 47 දෙනෙකුට පමණක් ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ නිර්ණායක කිහිපයක් සැලකිල්ලට ගෙනයි.

අයහපත් වාර්තා ඇති නිලධාරින්, ස්ව කැමැත්ත මත ස්ථාන මාරුවීම් ඉල්ලා සිටි නිලධාරින්ට සහ සෞඛ්‍ය හේතූන් සැලකිල්ලට ගනිමින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව සෙසු පොලිස් ස්ථානාධිපතිවරුන් 163 දෙනාට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිසම මෙතෙක් අනුමැති ලබාදී නොමැති බව වැඩිදුරටත් වාර්තා වුණා.