Friday, October 18, 2024

General line - 0115112241

රන් භාණ්ඩ උකස් තැබූ අයට සහන සැලසීමේ යෝජනාවක්




බැංකුවල රන් ආභරණ උකසට තබා ඇති පුද්ගලයින්ට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ගණුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත මෙම වසරේ ජූනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබාගත් රුපියල් ලක්ෂය නොයික්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව සියයට 10ක උපරිමයකට යටත්ව පොලී සහනාධාරයක් ලබා දීමටයි එමගින් යෝජනා කර ඇත්තේ.

පසුගිය කාල සීමාවේ පැවති ආර්ථික අර්බුධය හේතුවෙන් රන් භාණ්ඩ උකස් කිරීම සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර උකස් අත්තිකාර්ම්වල හිග මුදල් ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස වර්ධනය වීම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.