Friday, October 18, 2024

General line - 0115112241

රනිල්ට සහය දෙන්න පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් 12ක් රහසිගත සාකච්ඡාවක




ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට එම පක්ෂයේ දිස්ත්‍රික්ක 12ක නායකයින් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කොළඹ මලලසේකර මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසේදී ඉකුත් දා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

දිස්ත්‍රික්ක 12ක පොදු ජන පෙරමුණේ නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා. 

එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට එරෙහිව යමින් පොදු ජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු නම් කළහොත් එම තීරණය නොතකා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75 දෙනෙකු පමණ ඊට සහාය දක්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේ. 

එම මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගනිමින්, අදාළ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතවල හිටපු නියෝජිතයින් ද සම්බන්ධ කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද එම රැස්වීමේ දී තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.