Friday, October 18, 2024

General line - 0115112241

ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කෙරේ




ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීයි.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  අඩු කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8යි දශම 2යි 5ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9යි දශම 2යි 5ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.