Sunday, September 8, 2024

General line - 0115112241

ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්වයක්   




කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවය අමතමිනි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක තවත් ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස දිවයිනම ආවරණ වන පරිදි  මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.