Thursday, October 31, 2024

General line - 0115112241

මැතිව් මොට් ඉල්ලා අස්වෙයි 




එංගලන්තයේ එක්දින සහ විස්සයි20 ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් සිය තනතුරෙන් ඉල්ලා අස්වි තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව  එංගලන්තයේ හිටපු ආරම්භක පිතිකරු සහ සහය පුහුණුකරු මාකස් ට්‍රෙස්කොතික් ඔවුන්ගේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2022 වසරේ මැයි මාසයේදී ඔහු වර්ෂ 4ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කරමින් එංගලන්ත එක්දින පුහුණුකරු තනතුර භාරගත් අතර අනතුරුව 2022 දී එංගලන්තය T20 ලෝක කුසලානය දිනාගැනීමට සමත්විය 

ඉන්දියාවේදී පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලිය සහ  එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්ත යේ අසාර්ථකත්වය  සහ  ඕවර 50 තරගවලදී එංගලන්ත කණ්ඩායම අසාර්ථක වීම ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවන්නටඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ..

එංගලන්ත  කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම ගැනත්  2022 දී විශිෂ්ඨ T20 ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ගැන තමා ආඩම්බර වන බවත් පවසා තිබෙනවා 

 තවද

 “මගේ කාලය තුළ ඔවුන්ගේ කැපවීම, සහයෝගය සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා ක්‍රීඩකයින්ට, කළමනාකාරිත්වයට සහ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිටින සියලු දෙනාට ස්තූති කිරීමට මම කැමතියි. 

මම සමුගන්නේ බොහෝ හොඳ මිත්‍රත්වයන් සහ ඇදහිය නොහැකි මතකයන් සමඟ ය. 

අවසාන වශයෙන්, අපි ලොව පුරා සංචාරය කළ සෑම විටම අපට සහාය දුන් සහ අපට අපූරු සහයෝගයක් ලබා දුන් එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට මම ස්තූතිවන්ත වෙමි, ”පැවසුවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

20යි 20 තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග 5කට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර මාකස් ට්‍රෙස්කොතික් ඔවුන්ගේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බාවයි වාර්තා වෙන්නේ