Wednesday, January 22, 2025

General line - 0115112241

ජපානයේ කතානායක ඉන්දියාවේ සංචාරයක

චිරාන් ධර්මසේන




ජපානයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Nukaga Fukushiro සහ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රධාන ජපාන සමාගම් නියෝජනය කරන ව්‍යාපාරිකයින් පිරිසක් ඉන්දියාවට පැමිණ සිටී.

එම ජපන් දූත පිරිස සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ පවත්වා තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ ජපාන කථානායකවරයා අතර පැවති හමුවේදී ශක්තිමත් ඉන්දු-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය අවධාරනය කර තිබේ.

එය ඉන්දියාව සහ ජපානය අතර පාර්ලිමේන්තු හුවමාරුවල වැදගත්කම අවධාරණයක්  කිරීමට අමතරව, ජනතාවගෙන් ජනතාව අතර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය උනන්දුවෙහි ප්‍රධාන ක්ෂේත්‍ර ඉස්මතු කරමින් පවත්වා තිබේ.

"2022-27 කාලසීමාව සඳහා ඉන්දියාව සහ ජපානය අතර දැනට පිහිටුවා ඇති ජපන් යෙන් ට්‍රිලියන 5 ක ආයෝජනයේ වර්තමාන ඉලක්කය පිළිබඳ ප්‍රගතිය පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වූ අතර 2027 න් ඔබ්බට කාලය සඳහා ව්‍යාපාරික සහ ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ" යනුවෙන් සාකච්ඡා සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය. 

සාම්ප්‍රදායික නිෂ්පාදන මෙන්ම අර්ධ සන්නායක, EV සහ හරිත හා පිරිසිදු බලශක්ති වැනි නවීන වසම්වල සහයෝගීතාව ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද දෙපාර්ශවයම සාකච්ඡා කර තිබේ