Thursday, January 23, 2025

General line - 0115112241

ට්‍රම්ප් වැඩ අරඹමින් බයිඩ්න් පාලනයේ විධායක ක්‍රියාමාර්ග 78ක් අවලංගු කරයි




අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා. 

ඒ, වොෂින්ටනයේ පිහිටි කැපිටල් ගොඩනැගිල්ල තුළදීයි. 

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට එරට හිටපු ජනාධිපතිවරුන්, විදේශ රාජ්‍ය නායකයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක ක්‍රියාමාර්ග ගණනාවකට අත්සන් තබා තිබෙනවා. 

ඒ අනුව ඔහු පළමුව අත්අසන් තබා ඇත්තේ බයිඩ්න් පාලන සමයේ විධායක ක්‍රියාමාර්ග 78ක් අවලංගු කිරීම සඳහායි. 

පළමු දිනයේදීම ඩොනල්ට් ට්‍රම්ප් විධායක නියෝග සියයකට අත්සන් තැබීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.