Thursday, January 23, 2025

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් කැපිටල් ප්‍රහාරකයින් 1,600කට සමාව දෙයි




අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආන්දෝලනාත්මක තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ, 2021 වසරේ සිදුවූ කැපිටල් කෝලාහලය සම්බන්ධයෙන් සිරගත කර සිටි ඉහළ පෙළේ සිරකරුවන් දෙදෙනෙකු නිදහස් කරමින්. 

එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ 1,600 කට ආසන්න සංඛ්‍යාවකට සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

2020 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඩොලන්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වීමෙන් පසු අමෙරිකාවේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව දැඩි විරෝධතා මතු වුණා. 

පසුව ට්‍රම්ප් හිතවාදීන් පිරිසක් 2021 වසරේ ජනවාරි 06 වනදා කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී ඊට පහර දුන්නා. 

එය ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ සිද්ධියක් බවට පත් වුණේ ඊට උදව් උපකාර කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ටද චෝදනා එල්ල වීමත් සමගයි. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් මෙම ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් මේ වන විට එරට මාධ්‍ය දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටිනවා. 

ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඝාතකයින් පවා බන්ධනාගාරගත නොවන තත්ත්වයක් තුළ මෙම පුද්ගලයින් වසර ගණනාවක් සිරගත කර සිටි බවයි.