Friday, September 13, 2024

General line - 0115112241

සජිත්ගෙන් මිල සූත්‍රයක්




රට ගොඩ නැගීමට සුදුසුම ආර්ථික කණ්ඩායම සිටින්නේ තමන්ට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය කණ්ඩායම ලොව වෙනත් රටවල් ද පිළිගෙන ඇති බවයි කොළඹ පැවති නීතිඥ හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ.


මේ අතර වී ගොවියා සහ පාරිභෝගිකයා රැකෙන පරිදි මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සේරුවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේදී මේවන විට පැවැත්වෙනවා.

මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය සැප්තැම්බර් මස 02වනදා උත්කර්ෂවත් අන්දමින් සමරන බව එම පක්ෂය පවසනවා.

 

එහි මහ ලේකම් දුමින්ද දිසානායක පැවසුවේ පක්ෂය හැරගිය සියලු දෙනාට යළි එදිනට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවයි.