Friday, September 13, 2024

General line - 0115112241

චීන ගුවන් යානයක් ජපන් ගුවන් සීමාව උල්ලංඝනය කරයි




ජපානයේ ගුවන් සිමාව උල්ලංඝනය කරමින් චීන ඔත්තු බැලීමේ ගුවන් යානයක් කියුෂු දූපතට බටහිර දෙසින් පියාසර කර ඇති බව  ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍පවසනවා.

මෙම යානය අද එරට වේලාවෙන් පෙරවරු 11:29 ත් 11:31 ත් අතර පියාසර කර ඇති අතර ජපාන ගුවන් හමුදා ජෙට් යානා පැමිණෙන විට ගුවන් සීමාවෙන් පිටව ගොස් තිබු බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

මෙම චීන යනය  Y-9 ඔත්තු බැලීමේ ගුවන් යානයක් ලෙස හඳුනා ගත් බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් පවසන්නේ.

චීන හමුදා ගුවන් යානයක් ජපානයේ ගුවන් සීමාව උල්ලංඝනය කළ පළමු අවස්ථාව මෙය වන අතර ජපාන රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා චීනය වෙත දැඩි විරෝධතාවක් එල්ල කර තිබෙනවා.