Friday, September 13, 2024

General line - 0115112241

පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙකුගේ සහාය රනිල්ට




ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කොළඹ, මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී එම හමුව සිදුව තිබෙනවා.    

මේ එහිදී අදහස් පල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක.


මේ අතර ඉදිරි වසර 5 තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය ආයෝජකයින් රටට ගෙන්වා ගන්නා බවයි නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.


ජනාධිපතිවරණයෙන් තමන් ලබන ජයග්‍රහණයත් සම`ඟ ඉතා කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පවත්වන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

එමෙන්ම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා උතුරු, නැගෙනහිර සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි ත්‍රිකුණාමලයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.


සියලු සම්පත් නිසි කළමණාකාරිත්වයකින් යුතුව භාවිතා කර ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

කෙටි කලක් තුළ එම වැඩපිළිනෙල ක්‍රියාත්මක කළ හැකි බවයි මාලඹේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.