Friday, September 13, 2024

General line - 0115112241

ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බව ජනාධිපති කියයි




රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහයවීමට හැකි පරිසරයක් උදා කර දීම රටේ ජනතාවගේ වගකීම බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කොළඹ පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තතා ලෙස එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.

තම ඉලක්කය වූයේ කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීම බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එම ඉලක්කය මේ වන විට සාක්ෂාත් කරගෙන ඇති බවත් තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන එකඟතාව, අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් ශ්‍රී ලංකාවට මේවන විට සැලකිය යුතු සහනයක් හිමිව ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.