Friday, September 13, 2024

General line - 0115112241

කැකිරාවේ නීතීඥවරියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

         උදය කුමාර




කැකිරාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළා.

නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී ඇය එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත වී තිබෙනවා.

ඒ, තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවීම මත එම නීතීඥවරියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම එලෙස වලක්වා ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කැකිරාව නීතිඥ මණ්ඩලයේ නිලධාරියෙක් තමන් හා අමනාපයෙන් පසුවන බවත් තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් අදාළ නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.