Friday, September 20, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි ගණන 5,000 ඉක්මවයි




තවත් මැතිවරණ පැමිණිලි 269ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළදීයි.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පැමිණිලි 267ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

පසුගිය ජූලි 31වනදා සිට මේ දක්වා ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 5,214ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.