Sunday, September 22, 2024

General line - 0115112241

මෝදි සහ බයිඩ්න් අතර හමුවක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින සංචාරයක් සඳහා අද උදෑසන අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

QUAD සමුළුවට සහභාගී වීම සඳහා මෝදි එලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වනවා.

අදින් ආරම්භ වන අමෙරිකානු සංචාරයට සමගාමීව ඔහු දින 03ක් අමෙරිකාවේ රැඳී සිටීමට නියමිතයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී 'අනාගතයේ සමුළුව' අමතනු ඇති අතර, සිය සංචාරයේදී ඉන්දීය ඩයස්පෝරාව සමඟ ද අදහස් හුවමාරු කර ගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෝදි මෙම සංචාරයේ නිරත වන්නේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුව වීම ද විශේෂත්වයක්.

ජෝ බයිඩන් විසින් ඔහුගේ උපන් නගරයේ ඩෙලවෙයාර් හි විල්මින්ටන් හි දී QUAD නායකයින් හමුවන අතර එහිදී QUAD සමුළුව ආරම්භා වනු ඇති.

මෝදිට අමතරව මේ සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ද සහභාගී වනු ඇති.