Sunday, September 22, 2024

General line - 0115112241

චීනයේ 23 ක් හොරෙන්ම තායිවානයට පැනලා




ජුනි මාසයේ සිට, චීන පුද්ගලයින් 23 දෙනෙකු තායිවානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව තායිවානයේ, සාගර කටයුතු කවුන්සිලයේ අමාත්‍ය ක්වාන් බි-ලින් සිකුරාදා නීති සම්පාදකයින්ට දන්වා ඇති බව තායිවාන පුවත් වාර්තා කරයි.

නිසි ලියකියවිලි නොමැතිව තායිවානයට පැමිණි චීන ජාතිකයන් පිළිබඳ සිද්ධීන් හතරක් ගැන වෙරළාරක්ෂක පරිපාලනය අධීක්‍ෂණය කරන අමාත්‍ය ක්වාන් වාර්තා කළේය.

තායිවාන වෙරළාරක්ෂක බලකාය මෙම සිදුවීම් දෙකකදී පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනෙක් අවස්ථා දෙකේදී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

මිනිසුන් රහිත වාහන භාවිතය ඇතුළු මුහුදේ සහ ගුවනේ නිරීක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි සඳහන්.

මෙම උත්සාහයට සැලකිය යුතු අරමුදල් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කරන බව ඇය සඳහන් කළාය.