Saturday, October 5, 2024

General line - 0115112241

ජනපති ලේකම් කාර්යාල අසල ගාල්කර ඇති වාහන ගැන තවත් අනාවරණයක්




ජනාධිපති ලේකම් කාර්යාල අසල පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබූ රථ වාහන බව අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් ඉන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවයි.

එලෙස පිටත පරිශ්‍රයේ එම රථ වාහන ගාල්කර ඇත්තේ ජනාධිපති කාර්යාලය තුළ ඉඩපහසුකම් නොමැති නිසා බවත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සිදු නොකළ එකක් බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.   

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනය පහතින්