Wednesday, November 27, 2024

General line - 0115112241

මහ මැතිවරණයට වැයවන මුදල් ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්




ඉදිරි මහ මැතිවරණයේ රාජකාරි සඳහා යොදා ගන්නා කාර්ය මණ්ඩල සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැඩිවීම හේතුවෙන් එලෙස කාර්ය මණ්ඩල සංඛ්‍යාව වැඩිකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.  


මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරුණු දැක්වූවා.