Friday, October 11, 2024

General line - 0115112241

දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය සාර්ථකව අවසන් වෙයි




2024 ඔක්තෝබර් 08 දින, ගාල්ල හෝල් ඩි ගෝල් උත්සව ශාලාවේදී, දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්විය.

මේ අවස්ථාව, දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී, මහා සංඝරත්නයේ ආශිර්වාදයත් සමඟ සිදු විය.

ප්‍රවීණ සාහිත්‍යධර සෙනරත් ගොන්සාල් කෝරාළ මහතා විසින් ප්‍රධාන සාහිත්‍ය දේශණය ලබා දුන්නේය. ආණ්ඩුකාරතුමන්ට සාහිත්‍යධාරා සඟරාව පිරිනමන ලදී. 

මහෝත්සවය තුළදී, දක්ෂිණ කලා විභූෂණ සම්මාණය මගින්, ප්‍රවීණ ගත් කතුවර නිශ්සංක පෙරේරා, කලා ශිල්පි හේවා නාවලගේ තිලකරත්න හා අංගම්පොර ශිල්පී මාරප්පුලිගේ රංජිත් සමරසේකරට සම්මානයන් හිමි විය. 

මෙම උත්සවය සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාරතුමන්, සහ අනෙකුත් නිලධාරීන් සහභාගී විය.

අදාළ කලාකරුවන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රධානය කරන ලදී.

සාහාත්‍ය කලා මහෝත්සවයට සමගාමීව, ඡායාරූප, නාට්‍ය, නර්ථන ප්‍රසංග, සහ ගීත රසවින්දන වැනි විවිධ වැඩසටහන් පවත්වන ලදි. 

මෙම අවස්ථාව, දකුණු පළාතේ සාහිත්‍ය හා කලා සංවර්ධනය සඳහා යහපත් කෙරුණු කටයුතු වශයෙන් කටුයුතු කරයි.