Tuesday, November 26, 2024

General line - 0115112241

නාම යෝජනා භාර ගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේන් ප්‍රකාශයක්




නාම යෝජනා භාර ගැනීමේදී ද්විත්ව පුරවැසි භාවයන් සම්බන්ධයෙන් සොයා බැලීමට තමන්ට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නාම යෝජනා භාරදෙන අපේක්ෂකයෙකු පිළිබඳව යම් පුද්ගලයෙකුට ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත යාමේ හැකියාවක් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම ලබන 11 වනදා  මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනවා.