Tuesday, November 26, 2024

General line - 0115112241

නාම යෝජනා භාර දීමෙන් පසු හෙට පෙළපාළි බැහැ - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




2024 මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම හෙට මධ්‍යහ්න 12න් අවසන් වනවා.

ඒ අනුව නාම යෝජනා භාර ගැනීමෙන් පසු පෙළපාළි පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

මෙවර මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙම මස 26 වනදා තැපෑලට භාර දීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.