Tuesday, November 26, 2024

General line - 0115112241

පාඨලීගේ නඩුවක් කල් යයි

උදය කුමාර




හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකර සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කිරිම ඇතුළු චෝදනාවලට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ අමරසිරි පණ්ඩිතරත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාග කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව දෙසැම්බර් මස 18වන දා කැඳවන ලෙස නියෝග කළා.