Tuesday, November 26, 2024

General line - 0115112241

අදත් මහ වැසි - ගංගා කිහිපයක ගංවතුර අවදානම තවදුරටත්




බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතැවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.   

මේ අතර ඇහැළෙන මහ වැසි හේතුවෙන් අත්තනගලුඔය ද්‍රෝණියේ සහ උරුවල්ඔය නිම්නවල පහත් බිම්වල වෙසෙන ජනතාව තවදුරටත්  අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවා.

කැලණි, කළු සහ ගිං යන ගංගා සම්බන්ධයෙන්ද ඇය අදහස් පළ කළා.