Tuesday, November 26, 2024

General line - 0115112241

මාලිමාවට සහය දෙන ශ්‍රිලනිපයේ පිරිසක් ගැන පැහැදිලි කිරීමක්




ජාතික ජන බලවේගයට සහය දක්වන බවට ප්‍රකාශ කළ පිරිස පසුගිය කාලයේ සිය පක්ෂය සමග නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි පාර්ශවය තමන් ඇතුළු කණ්ඩායම බවට මේ වන විට සියලු දෙනා පිළිගෙන ඇති බවයි එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තනිව තරඟ කරන්නේ නැහැ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධානගතව ඔවුන් ඉදිරි මහමැතිවරණයට තරඟ කරනු ලබනවා.