Tuesday, November 26, 2024

General line - 0115112241

මැතිවරණ සමයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට වගකීම් වැඩිවෙයි




මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමේ බලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දී ඇති බවයි.  

පත් කෙරෙන කමිටුවල නියෝජිතයන්ගෙන් ලබා ගන්නා තොරතුරු හරහා අදාළ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.