Tuesday, November 26, 2024

General line - 0115112241

කැලණි ඇතුළු ගංඟා කිහිපයක පහත් බිම් තවදුරටත් අවදානමේ.




කැළණි ගඟේ පහත් බිම්වල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කළු ගඟේ පහත් බිම්වල තවදුරටත් ගං වතුර පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ. 


ගම්පහ සහ අවට ප්‍රදේශවල පහත් බිම්වල ජල මට්ටම් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවද ඇය කියා සිටියා.  


අද රාත්‍රියේ ද බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.