Tuesday, November 26, 2024

General line - 0115112241

කුණ්ඩසාලේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් 114ක් අත්අඩංගුවට




මහනුවර, කුණ්ඩසාලේ සුඛෝපභෝගී හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් 114 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

ඔවුන් සන්තකයේ තිබී පරිගණක 135ක් සහ ජංගම දුරකථන 300ක් සොයාගෙන තිබෙනවා.

අදාළ සුඛෝපභෝගී හෝටලයේ කාමර 47ක් වෙන්කර ගෙන මෙම චීන ජාතිකයින් පිරිස රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

අන්තර්ජාලය ඔස්සේ ඔවුන් මූල්‍ය වංචා කර ඇති බවට පොලිසිය සැක කරනවා.