Tuesday, November 26, 2024

General line - 0115112241

දමිතාගේ නම ඉවත් කිරීම අනුමත කළ නොහැකි බව මුජිබර් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන




සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවෙන් දමිතා අබේරත්න මහත්මියගේ නම ඉවත් කිරීම අනුමත කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පක්ෂය විසින් පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි ඔහු කියා සිටියේ. 


නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ කිසිදු ගැටලුවක් ඇති නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසුවා.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීම සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නාමයෝජනා භාරදීම පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා අදහස් පල කළේ මෙලෙසයි.