Tuesday, November 26, 2024

General line - 0115112241

දේශපාලනයෙන් ඉවත් වනවාද? - හිටපු මන්ත්‍රී මාන්නප්පෙරුමගෙන් උත්තර




තමන් තවදුරටත් දේශපාලනයේ නිරත වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මනත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

දේශපාලනයේ නිරත වීම සඳහා එක්වන්නැයි බොහෝ දේශපාලන පක්ෂවලින් තමන්ට මේ වන විටත් ආරාධනා කර ඇති බව නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියා.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නාම යෝජනා භාරදී තිබුණා.

එහෙත් ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක ධූරයෙන් තමන් ඉවත් කිරීමට පක්ෂ නායකවරයා ගත් තීරණයට එරෙහිව ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


සමගි ජන බලවේගයේ නායකත්වයට එල්ල කරන එම චෝදනාව සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා.