Tuesday, November 26, 2024

General line - 0115112241

දුම්රියේ සහ බස් රථවල ලැප්ටොප් සහ ජංගම දුරකථන සොරකමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

සම්පත් කුලරත්න




කොළඹ සිට අලුත්ගම සහ කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථ වලද එමෙන්ම කොළඹ කොටුව සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන් වල ලැප්ටොප් සහ ජංගම දුරකථන සොරකමේ යෙදුණු පුද්ගලයෙකු  කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථවල සහ දුම්රියන්වලදී මගීන්ගේ ලැප්ටොප් සහිත බෑග් නිරන්තරයෙන් අස්ථානගත වන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී එම සොරකමට සම්බන්ධ සැකකරුවෙකු කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේදී ඊයේ  අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ 

මෙම අත්අඩංගුවට ගත් සැකකරු හොරණ හල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර සිදුකරන ලද විමර්ශනවලදී  අනාවරණය වි ඇත්තේ සොරකමට ගොදුරු වී ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් සහ වෙනත් කාර්යාල සේවකයන් වන බවයි 

තවද මෙසේ සොරකම් කරන ලද ඉතා වටිනා ලැප්ටොප් යන්ත්‍ර 7ක් සහ ජංගම දුරකථන පහක් විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවි කොට තිබියදී පොලිසිය සොයාගෙන ඇති ඇති අතර එම මුදලින් හෙරොයින් පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

මීට පෙරද මෙම සැකකරු මෙවැනි සොරකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලබා ඇති පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.