Tuesday, November 26, 2024

General line - 0115112241

කාන්තාරයේ වියළි විල වසර 50 කට පසු ජලයෙන් පිරෙයි 




ලෝකයේ වඩාත්ම වියළි සහ ශුෂ්ක කලාපයන්ගෙන් එකක් වන සහරා කාන්තාරයේ සාගෝරා සහ ටාටා අතර අඩ සියවසක් පුරා වියළි වැවක් වූ ඉරිකි විල ජලයෙන් පිරි ගොස් තිබෙනවා.

ඒ ගිනිකොනදිග මොරොක්කෝවේ දින දෙකක ධාරානිපාත වර්ෂාපතනයෙන් ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන්..

මෙම වැව 1925 සිට වසර 50 ක කාලයක් වියළී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

නාසා ආයතනය විසින් සහරා කාන්තාරයේ ඇති වූ දරුණු ගංවතුර තත්වය සහ ඉරිකි විලේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද ලබාගෙන තිබෙනවා 

මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සියේ නිලධාරීන් වාර්තා කළේ, අගනුවර වන රබාට් සිට කිලෝමීටර් 450 ක් දකුණින් පිහිටි ටගුනයිට් ගම්මානයට  සැප්තැම්බර් මාසයේදී පැය 24 ක් තුළ මිලිමීටර් 100 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා කළ බවයි.

උතුරු, මධ්‍යම සහ බටහිර අප්‍රිකාව හරහා වර්ග කිලෝමීටර මිලියන 9ක් පුරා පැතිරී ඇති සහරා කාන්තාරය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් අධික කාලගුණික තර්ජනවලට මුහුණ දෙනු ලබනවා.

මේ හේතුවෙන් අනාගතයේදී මෙම විශාලත්වයේ කුණාටු කලාපය තුළ නිතර නිතර ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ

තවද ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් සෙලෙස්ටෙ සවුලෝ පැවසුවේ, "උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ජල චක්‍රය වේගවත් වී ඇති බවයි