Tuesday, November 26, 2024

General line - 0115112241

අද පස්වරුවෙත් ප්‍රදේශ රැසකට වැසි




අද දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥය මලිත් ප්‍රනාන්දු මහතා පවසන්නේ.


දිවයින වටා මුහුදු තීරයේ කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥය මලිත් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පල කළා.