දිස්ත්‍රික්ක 11කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 18,795 කට අයත් පුද්ගලයින් 76,218 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් පවුල් 986 ක ජීවත් වන පුද්ගලයින් 3,560 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 38 ක රඳවාගෙන සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ සංඛ්‍යාව 68,672 ක් වනවා. පවතින ආපදා තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් අදහස් දැක්වුවා.