Tuesday, November 26, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 08 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කෙරේ

එන් ඒ ඩබ් නිරෝෂන




දිස්ත්‍රික්ක 08 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ. 


මේ අතර ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් එම ගංඟා ද්‍රෝණිවල පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ, ඉංජිනේරු සුගීෂ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ඇති වී තිබෙන ගං වතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.