Tuesday, November 26, 2024

General line - 0115112241

කාලගුණය නිසා වයඹ මුහුදු තීරයටත් බලපෑම් 




අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් මුහුද රළු වීමෙන් වයඹ මුහුදු තීරයේ වෙරළ ඛාදනය උග්‍ර අතට හැරී තිබෙනවා.

වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ තොඩුවාව හා ඉරනවිල වෙරළ තීරයන්ට බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ 

මේ හේතුවෙන් නිවාස රැසක් කැඩීයාමේ තර්ජනයට ද ලක්ව ඇති අතර තාවකාලික ධීවර වාඩි රැසක්ද විනාශ වී තිබෙනවා.

තවද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  මුහුදු වෙරළ ඛාදනය වැලක්වීමට ඉදිකර තිබූගල්වැටි ද විනාශ වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ 

මුහුදු තීරයේ ඛාදනය උග්‍ර අතට හරිම නිසා ධීවර යාත්‍රා ගාල් කිරීමට නොහැකිව ධීවරයින් ද දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.